ඖෂධ සහ ආහාර සඳහා ජපානයෙන් ඩොලර් මිලියන තුනක සහනාධාර

July 2, 2022 at 12:41 PM

ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කර ආර්ථික තත්වය සහ ඒ සමඟ ඇති දැඩි මානුෂීය තත්වය පිළිබඳව ජපානය දැඩි අවධානයක් යොමු කරන බව මෙරට ජපාන තානාපති කාර්‍යාලය පවසයි

 

පවතින  තත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකික ජනතාවට සෘජුවම ප්‍රතිලාභ සැලසෙන පරිදි ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා යුනිසෙෆ් (UNICEF) සහ ඩබ්ලිව්ඒෆ් (WFP)හරහා ඇමරිකානු ඩොලර් මිලියන තුනක (3) ක හදිසි ආධාර ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත.

ජපානයේ දිගුකාලීන මිතුරන් වන ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙම ආධාර උපකාර වනු ඇතැයි ජපානය අවංකවම බලාපොරොත්තු වේ.

 

ශ්‍රී ලංකාවේ තත්වය සහ ශ්‍රී ලංකාව සහ ජාතයන්තර මූලය අරමුදල අතර සාකච්ඡා ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කරන අතරම, ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සාකච්ඡා කර, ශ්‍රී ලංකාවට එහි තවදුරටත් දායකත්වය සලකා බැලීමට ජපාන රජයේ අරමුණ වේ.

 

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ථධනයේ කාලානුරූපී හවුල්කරුවා වන ජපානය, ශ්‍රී ලංකාවට සහාය වෙමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ජනතාව සහ රජය සමඟ එහි ප්‍රයත්තනයන් ඒකාබද්ධ කිරීමෙහිලා සිය කාර්ථයභාරය දිගටම කරගෙන යනු ඇත.