බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිල නිවේදනය හෙට, සංගම් ඉල්ලූ ප්‍රමාණයම නොලැබෙන ලකුණු

June 29, 2022 at 3:50 PM

පෞද්ගලික බස් සංගම් සමග ඊයේ කල සාකච්ඡාවට පසු ජාතික ගමනාගමන කොමිශන් සභාව බස් ගාස්තුව සම්බන්ධයෙන් නිර්දේශ අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ.

ඒ 30% ක ගාස්තු වැඩිවිමක් හා අවම ගාස්තුව රුපියල් 40ක් වන පරිදි ය

මේ සම්බන්ධයෙන් හෙට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත අතර ජූලි 01 දා සිට නව ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් බස් සංගම් ඉල්ලා සිටි වැඩිවීමේ ප්‍රතිශතය ට අනුමැතිය හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.