තෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිහිටි සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුමැතිය හිමිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
මෙලෙස සේවා සැපයීමට ඉදිරිපත් වන සමාගම් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ අදාළමෙහෙයුම්වල පළමු මාස කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ බැංකු වෙතින් විදේශ විනිමය ලබා නොගෙන ක්‍රියා කිරීමේ හැකියාව පවතින්නේ නම් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
අදාළ සමාගම් සඳහා සේවා ගාස්තුවකට යටත්ව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන තොග ගබඩා කිරීම, බෙදා හැරීම සඳහා ඇතුළු මුලික යටිතප පහසුකම් සැපයීමේ කර්තව්‍යයට දායක වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
සිපෙට්කෝ සමාගම සතුව දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 1190 සහ නව අලෙවිසැල් LIOC සමාගම සහ තෝරාගත් නව සමාගම් සඳහා ලබා දෙනු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.
එසේ වුවද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටි.