නව කොවිඩ් – 19 වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටිනවා.
ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ BA5 නැමැති එම කොවිඩ් වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන බවයි.
මෙය ප්‍රතිශක්තිය මග හැරිය හැකි වෛරස් ප්‍රභේදයක් ලෙස ද සැලකෙනවා. කෙසේ නමුත් මේ වනවිට එම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ශ්‍රී ලංකාවෙන් තමත් හමුවී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ මුව ආවරණ පැළදීමේ නීතිය ද ඉවත් කර ඇත.