නැවත දැනුම් දෙන තුරු රාජ්‍ය සේවයට කැඳවීම අවම පිරිසක් පමණයි.

June 26, 2022 at 3:08 PM

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා මීට පෙර රාජ්‍ය සේවයට කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛය ක් නිකුත් කල අතර ඊට අමතරව තවත් චක්‍රලේඛයක් අද නිකුත්කලේය.

මීට පෙර චක්‍රලේඛය මගින් දන්වා තිබුණේ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධා නොවන පරිදි සේවකයින් කැඳවීම අදාල ආයතන ප්‍රධානීන් සිදුකල යුතු බවය.

 

කෙසේ වෙතත් එම චක්‍රලේඛය ට අමතරව නිකුත්කර ඇති චක්‍රලේඛය මගින් දැක්වෙන්නේ අවම කාර්‍ය මණ්ඩලයක් පමනක් රාජකාරි සඳහා ගෙන්වාගත යුතු බවයි.

රාජකාරි ගමන් බිමන් ද සීමා කලයුතු බව එහි දක්වා ඇත.