ඉන්දියාවේ තමිල්නාඩුවෙන් තවත් ආධාර නැවක්

June 24, 2022 at 12:42 PM

මෙට්‍රික් ටොන් 15,000ක මෙම තොගයට සහල්, කිරි පිටි සහ අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළත් විය. ඉදිරියේදී තවත් ආධාර ලැබීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය නිවේදනය කරයි.

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු මෙම ආධාර තොගය ඉන්දීය මහ කොමසාරිස්වරයා , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් අද දින පිලිගන්නා ලදී.
ටුටිකොරින් සිට පැමිණි ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් මානුෂීය ආධාර තොගයක් මීට අයත් ය.