අරගලකරුවන් සිව් දෙනෙකුට ඇප, රැට්ටා ලහිරු ඇතුළු තිදෙනෙකුට ඇප අහිමිවෙයි

June 24, 2022 at 3:02 PM

පසුගියදා කොටුව සහ බත්තරමුල්ල ඉසුරුපාය ප්‍රදේශවල විරෝධතා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරීන් හත් දෙනාගෙන් සිව් දෙනෙකුට ඇප ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.
ඒ අනුව
ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණ.
කෙසේ වෙතත් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, රත්කරව්වේ ජිනරතන හිමි සහ ලහිරු සේනාරත්නට ඇප ලබාදීමක් සිදු නොකෙරිණ.