වඳුරු උණ වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අවස්ථා කමිටුවක් ස්ථාපනය කර තිබේ.
එම කමිටුවේ රැස්වීමක් අද පැවැත්වෙන අතර වසංගතය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිලිබඳව එහිඳී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා දැනුවත් කෙරෙනු ඇති.
මීට පෙර කොවිඩ් , පෝලියෝ, එබෝලා සහ සිකා වෛරස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ද මෙවැනි හදිසි අවස්ථා කමිටු කැඳවා වැදගත් තීරණ වලට එළඹ තිබේ.