මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුලු දූත පිරිස අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා, ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ ලේකම් අජේ සෙත් මහතා, සහ ප්‍රධාන ආර්ථික උපදේශක ආනන්ද නාගේශ්වරන් මහතා ඇතුලු පිරිසක් සමග මෙම සාකච්ඡාවට මහබැංකු අධිපති වරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ ආර්ථික උපදේශක වරයා ද එක්ව තිබේ.