21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමි වූ බවයි.
ඒ අනුව කඩිනමින් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තැබූ ට්විටර් සටහනේ දැක්වෙනවා