සත්තුවත්තට වරායෙන් ඇපල් ලක්ෂයක්

June 10, 2022 at 4:12 PM

හිමිකරුවන් ඉවත් කර නොගත් කොළඹ වරායේ තිබූ ඇපල් තොගයක් දෙහිවල සත්වෝද්‍යානයට ලබාදීම වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අදසිදු කෙරිණ.

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (CICT) පැමිණි තිබූ මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් මෙරටට ආනයනය කර ඇත.

එය මේ දක්වා ආනයනකරුවන් ඉවත් කර නොගැනීම පිළිබඳ  වාර්තා වූ පසු ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී යන ආයතන සමඟ සාකච්ඡා කර මෙම ඇපල් තොගය සත්වෝද්‍යානයට ලබාදීමට පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.

මෙම බහාලුම තුළ ඇපල් කිලෝ ග්‍රෑම් 24,000 එනම් ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි CICT සමාගමේ ප්‍රධානී ජැක් හොන්ග් (Jack Huang) මහතා පවසයි.

මෙහි දළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න  වේ.

ඒවා ප්‍රවාහනය කරදීමටද අදාල සමාගම එකඟ විය