මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස් වූ පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ට ධම්මික පෙරේරා මහතා නම් කර තිබේ.
ඔහුගේ නම අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින් භාර දෙන ලදී
ධම්මික පෙරේරා ,මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනය අද පස්වරුවේ ම නිකුත් කෙරෙනු ඇතිබව ද වාර්තා වේ.
අද ප්‍රකාශයට පත්කල නව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට ද ධම්මික පෙරේරා පත් කෙරෙනු ඇති.