විදුලි ඉංජිනේරු සංගම් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය තාවකාලිකව අත් හිටුවා තිබේ.
ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකට පසු එම තීරණය ගත් බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
ජනාධිපතිවරයා පවසා ඇත්තේ යෝජිත විදුලි සංශෝධන පනතට ඉංජිනේරුවන් ගේ යෝජනා කාරක සභා අවස්ථාවේ ගෙන ඒමට කටයුතු සලසන බවයි.
මේ අතර වහාම ක්‍රියාත්මක වනපරිදි විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙසද ප්‍රකාශයට පත්කර ඇත.
කෙසේ වෙතත් අද අලුයම් කාලයේ විසන්ධි වූ විදුලිය මෙතෙක් යථා තත්ත්වය ට පත්වී නොමැත.