සහල් සඳහා පණවා ඇති උපරිම මිල සීමා තවදුරටත් නොවෙනස්ව ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
එම මිල සීමා උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අතර සහල් හිඟයක් පිලිබඳව පැතිරයන තොරතුරු සමග ජනතාව තොග රැස්කරමින් සිටින බව වාර්තා වන නමුත් ඉදිරි මාසකීපය සඳහා ප්‍රමාණවත් වී සහ සහල් තොග පවතින බව වෙළඳ අමාත්‍යවරයා පවසයි.