ලිට්‍රෝ ගෑස්මිලත් වැඩිවෙයිද?

June 6, 2022 at 10:12 AM

ලාෆ්ස් ගෑස් සමාගම මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලිට්‍රෝ සමාගමද ගෑස් මිල ඉහල නංවනුඇති බවට පලවන පුවත් සත්‍ය නොවන බව එම සමාගම පවසයි.

 

පවතින ගෑස් මිල ඉහල දැමීමට සමාගමේ මෙතෙක් අපේක්ෂාවක් නැතැයි ඔවුන් කියා සිටී.

කෙසේ වෙතත් ලිට්‍රෝ  ගෑස් බෙදාහැරීමක් අදත් සිදුනොවන අතර මෙරටට පැමිණ ඇති නෞකාවේ ගෑස් තොග  හෙට සිට බෙදාහැරෙනු ඇති බවට විශ්වාස කෙරේ.

  • මේ වන විට ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර වල මිලේ වෙනස කිලෝ 12.5 සිලින්ඩරයක් සඳහා  රුපියල් 1990 කි.