ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළ සිද්ධියට ඇමති ප්‍රසන්න වැරදිකරු වෙයි : අධිකරණයෙන් දඩ සහ අත්හිටවූ සිරදඬුවම් පැනවේ

June 6, 2022 at 3:29 PM

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබුවා.

ඒ අනුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 5 කට අත්හිටවූ අතර, විත්තිකරුට රුපියල් මිලියන 25 ක දඩයක් නියම කරනු ලැබුවා.

එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවද අමතරව මාස 9 ක සිර දඬුවම් නියම කෙරුණු අතර, මෙම සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හැර ලැබූවද අමතරව මාස 3ක සිර දඬුවමක් නියම කරන බවයි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ.