පොහොර නැතිවුණොත් තුන්වේල අසීරුවෙයි – අගමැති

June 4, 2022 at 8:36 PM

යල කන්නයේ සැලකියයුතු කාල සීමාවක් ගතවී ඇති  පසුබිමක පොහොර ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් ජනතාවට  තුන්වේල පිරිමසාගැනීමේ ගැටලුවක් මතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

ශ්‍රීලංකා පදනම් ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේබව සඳහන් කළේය.

“මහ බැංකුව ගනුලබන තීරණ සම්බන්ධයෙන් මැදිහත් වීමට මගේ අපේක්ෂාවක් නැහැ. මම මේ දිනවල අග්‍රාමාත්‍ය ධුරයට අමතරව ගිනිනිවන හමුදාවේ වගකීමත් ඉටුකරමිනුයි ඉන්නේ. හැමදාම උදේට ඩොලර් මිලියන දහයක් ,විස්සක් තිහක් සොයන කාර්‍ය භාරයේ මම නිරත වෙනවා ” යැයි ද ඔහු සඳහන් කළේ ය.

ජපානය සමග පැවැති සබඳතා පසුගිය රජය සමයේ පළුදු වීම පිලිබඳව අග්‍රාමාත්‍යවරයා අදහස් පළකළ අතර ජපානයේ සැහැල්ලු දුම් රිය ව්‍යාපෘතිය මෙරට බලධාරීන් විසින් අත් හල ආකාරය නොගැලපෙනබව අවධාරණය කළේය.