අද නිකුත්කළ ලිට්රෝ ගෑස් සිලින්ඩර 16000ත් සමග පසුගිය සතියේ සිට බෙදාහැරුණු ගෑස් තොගය අවසන් වන බව ලිට්රෝ සමාගම පවසයි .
මීලඟ ගෑස් නෞකාව ඉරිදා දිවයිනට පැමිණෙන අතර එම ගෑස් මෙට්රික් ටොන් 2500 ,ලබන අඟහරුවාදා සිට බෙදා හැරේ.
එතෙක් පෝලිම් වල රැඳී නොසිටින ලෙස එම සමාගම දැනුම් දෙයි.
මේ අතර ලාෆ්ස් ගෑස් නෞකාවක් සෙනසුරාදා දිවයිනට පැමිණීමට නියමිත අතර එම ගෑස් තොග බෙදාහැරීම පිලිබඳව මෙතෙක් එම සමාගම නිවේදනයක් නිකුත්කර නැත.