යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා පවසයි.
ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.
වාරිමාර්ග ක්ෂේත්රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ගත වූ තෙදින තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයූ බවද මෙහිදී අනාවරණය විය.
ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවිකරන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්රතිලාභ වැඩි කර, පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.