මට නම් එපා වෙලා! මන්ත්‍රී හර්ෂ පෙට්‍රල් පෝලිමක

May 29, 2022 at 1:00 PM

සමගි ජනබලවේග මන්ත්‍රී හර්ශ ද සිල්වා මහතා අද පෙරවරුවේ පෙට්‍රල් පෝලිමක සිට ප්‍රකාශයක් නිකුත් කළේය.

ඒ ඔහුගේ ෆේස්බුක් පිටුව හරහායි.

පවතින ඉන්ධන තොග අවසන් වූ පසු යලි ඉන්ධන ගෙන්වීමේ ගැටලුව මෙන්ම පොහොර ගැටලුව සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළක්ළේය.

දේශපාලන විසදුමක් ලෙස පවතින ව්‍යවස්ථාවේ බලතල 19 ට වඩා වැඩියෙන් ලබාගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහයක් සම්බන්ධයෙන් ද ඔහු කතා කළේය.

” අනේ මං දන්නෑ මට නම් එපා වෙලා . ඒත් අපි උත්සාහ කරමු. ජනතාව බලාපොරොත්තු වෙන විසඳුම ලබාගන්න අපි එකතුවෙලා උත්සහ කරමු”

ලෙස ඔහු පැවසීය.

මෙම ලින්ක් එක හරහා වීඩියෝව නරඹන්න !👉: හර්ෂ ද සිල්වා මන්ත්‍රී ඉන්ධන පෝලිමක