පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍යවරුන් 04 දෙනෙකු (14) පස්වරුවේ පත් කරන ලදී.
01. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
02. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන මහතා
03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
04. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා
සර්ව පාක්ෂික ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී (20) පෙරවරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
01. නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
04. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05. හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07. මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
08. නලීන් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය
තවත් අමාත්‍යවරු 08 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
01. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
02. බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජල සම්පාදන අමාත්‍ය
04. මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
05. රමේෂ් පතිරණ මහතා – කර්මාන්ත අමාත්‍ය
06. විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
07. අහමඩ් නසීර් මහතා – පරිසර අමාත්‍ය
08. රොෂාන් රණසිංහ මහතා – වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
මේ අනුව රොෂාන් රණසිංහ – (වාරිමාර්ග / යෞවන කටයුතු හා ක්‍රීඩා) , රමේශ් පතිරණ ( වැවිලි කර්මාන්ත / කර්මාන්ත) , කෙහෙලිය රඹුක්වැල්ල ( සෞඛ්‍ය / ජල සම්පාදන ) , බන්දුල ගුණවර්ධන
( ජනමාධ්‍ය / ප්‍රවාහන ) , හරීන් ප්‍රනාන්දු (සංචාරක / ඉඩම්) යන මහත්වරු අමාත්‍යංශ විෂය පථයන් දෙකක රාජකාරි කරනු ඇත.
මේ වනවිට පිහිටුවා ඇති අමාත්‍යංශ ගණන 24ක් වේ.
මෙතෙක් මුදල් අමාත්‍යංශය පවතින්නේ ජනාධිපතිවරයා යටතේයි.