හෙට දිනයේදී ගෑස් බෙදා හැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
ඒ අනුව ගෑස් මිලදී ගැනීම සඳහා මහජනතාව පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ.
මේ අතර මෙට්ට්‍රික් ටොන් 7,500ක් අඩංගු ගෑස් නෞකා දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් අද දිනයේදී ගෙවූ බවත් ඉන් පළමු නෞකාව ලබන බ්‍රහස්පතින්දා දිවයිනට ලඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පවසනවා.