අද දින ආරම්භ කෙරුණ අපොස සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල්
එල් එම් ඩී ධර්මසේන මහතා අදඅදහස් පළ කළේය.
“මේ සඳහා අපේක්ෂක අපේක්ෂිකාවන් 5,17,496 ක් පෙනී සිටීමට නියමිතව තිබුණත් 90% ක් පමණ සහභාගි වී සිටියා. සාමාන්‍යයෙන් විභාගයට අයදුම් පත්‍ර ඉදිරිපත් කළ අයගෙන් 100% ක්ම සහභාගී වන්නේ නෑ.”
කෝවිඩ් වසංගතය ඇතුළු විවිධ හේතූන් නිසා වරින් වර විභාගය කල් ගියා . ඒ වගේම රටේ මේ වන විට ඉන්ධන අර්බුදයක් මතු වෙලා තිබුනත් දුම්රිය ලංකා ම හා පෞද්ගලික බස් රථ වගේම රටේ විවිධ පුද්ගලයන් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා.
“ඒ වගේම මාර්ගවල කිසිදු අවහිරතාවයක් ඇති වුණේ නෑ. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. ”