ඇතැම් ඉන්ධන බවුසර් වලට සංවිධානාත්මක කණ්ඩායම් විසින් බලපෑම් කරන බව වාර්තා වන බැවින් එලෙස දිගින් දිගටම කටයුතු කළහොත් ඉන්ධන ප්‍රවාහන කටයුතු අත් හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඇතැම් පිරිස් වෙනත් ස්ථාන කරා යන බවුසර් තම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වෙත බා ගැනීමට තර්ජනය කරන බව වාර්තා වන බව ඔහු පවසයි.
මේ වනවිට දිවයින පුරා ඉන්ධන හල් වලට ඩීසල් බෙදාහැර ඇති බවත් අද දිනය තුළ පෙට්‍රල් සැපයුම ද යා වත් කාලීන වන බවටත් ඔහු විශ්වාසය පළ කරයි.