මිලියන 18ක් වටිනා යුරෝ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

May 16, 2022 at 8:06 AM

උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කර සිටියි.

මුදල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 18 කට අධිකය.

විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ -03 හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත බාරදී ඇත.