දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම ඉදිරි දින 03 තුල දී සිදුකරන බවත් ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මහජනතාවට දැනුම් දී සිටිනවා.
ඉදිරි සති 02ක තුලදී ඉන්දීය ණය පහසුකම් යටතේ දිවයිනට ඉන්ධන නෞකා 03ක් ළඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.