තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.
“මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. SJB මෙය ප්‍රමාද කරන්නේ නම් මම ස්වාධීනව සිට රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දැක්වීමට තීරණය කළෙමි,” සමගී ජනබල වේගය [පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා NewsWire වෙත පැවසුවා.
“ඔව්, මැතිවරණයක දී ජනවරමක් ඇතිව ආණ්ඩුව බලයට ගැනීම සුදුසු නමුත් එය ඒ සඳහා කාලය නොවේ. අපි මේක ප්‍රමාද කරන තරමට රටට විපතක් වෙනවා.” හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.