හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අද අලුයම් කාලයේදී ආරක්ෂක අංශ විසින් අරලියගහ මන්දිරය අසල රැස්ව සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.