ජනපති ආගමික නායකයින් හමු වේ. අද විශේෂ පක්ෂ නායක රැස්වීමේදී විසඳුම් රැසක්.

May 10, 2022 at 5:36 AM

ජනාධිපතිවරයා සහ සර්ව ආගමික නායකයින් පිරිසක් අතර අද අලුයම විශේෂ රැස්වීමක් පැවැති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන බවයි.

 

මෙහිදී  ආගමික නායකයින් යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත.

නිර්පාක්ෂික අගමැතිවරයකු පත් කිරීම

15කින් යුත් සීමිත අමාත්‍ය මණ්ඩලයක්

සිවිල් ජනතාව ගෙන් සැදුම්ලත් උපදේශක සභාවක් පිහිටුවීම.

අදල යෝජනා අද පක්ෂ නායක රැස්වීමට යොමුකර කඩිනමින් විසඳන බව ජනාධිපතිවරයා පවසා ඇත.