ප්‍රචණ්ඩත්වයෙන් වර්ථමානයේ ඇතිවී තිබෙන ගැටලු වලට විසඳූම් නොලැබෙන බවත් දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්න විසින් සිදුකරන ප්රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
” දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිමු. ප්රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැත.සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා” යැයි ජනාධිපතිවරයා සිය ට්විටර් නිවේදනයෙන් සඳහන් කර සිටියි.
මේ අතර ජනතාවගේ චිත්තවේගය ඉහළ මට්ටමක පවතින බවත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වයෙන් පමණක් ප්රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.
රට පත්ව සිටින ආර්ථික අර්බුදය විසඳීමට වත්මන් පරිපාලනය කැපවී සිටින බවත් ඊට ආර්ථික විසඳුමක් අවශ්‍යය බවයි අග්‍රාමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.