ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත අද සහ හෙට යන දිනයන් හිදී කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා ගෑස් සිලින්ඩර් 15,000 බැගින් නිකුත් කිරිමට පියවර ගන්නා බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් සඳහන් කර සිටිනවා.
මේ අතර ලබන සිකුරාදා සහ සෙනසුරාදා ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවන් දෙකක් දිවයිනට ලඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.