අග්‍රාමාත්‍යවරයාට සහය දක්වමින් අරලියගහ මන්දිරය අසලට පැමිණි ආධාරකරුවන් ඒ අසල පිහිටි “මයිනා ගෝ ගමට” පැමිණ එහි ඉදිකර තිබු අට්ටාල වලට පහරදීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
අගමැතිවරයාට සහය පළ කරමින් අද දිනයේදී අරලියගහ මන්දිරය අසලට පැමිණි පිරිස් මෙලෙස එම ස්ථානයට පැමිණ ඇති අතර තත්ත්වය පාලනය කිරිමට පොලිසිය මැදිහත්ව සිටියි.