ඖෂධ හිඟය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දුරකථන අංකයක්

May 4, 2022 at 10:11 AM

ඖෂධ සපයා ගැනීමේ දී මතුවන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල මේ වන විට ඖෂධ හිඟයක් පවතින බවට ජනතාව ප්‍රකාශ කර සිටින අතර ඒ අනුව 1999 සුවසැරිය ක්ෂණික ඇමතුම් අංකය අමතා තමාට පවතින ඖෂධ පිළිබඳ ගැටලුව දැනුම්දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටින්නේ.

එමඟින් ඖෂධ පිළිබඳ ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.