රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණය කර තිබෙනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටිනවා.
ඒ අනුව හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
මුදල් අමාත්‍යවරයා හා සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම අමතර දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.