නවසීලන්තය විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා අද සිට යළි විවෘත කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා වසර දෙකකට පසුවයි.
ඒ අනුව කොරෝනා ආසාදිත නො වන සහ එන්නත්කරණයට ලක්වී ඇති රටවල් 60කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන සංචාරකයන්ට නවසීලන්තයට ඇතුළු වීමට හැකියාව පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඕක්ලන්ඩ් ගුවන් තොටුපොළ වෙත සංචාරකයන් බොහෝ පිරිසක් දැනටමත් පැමිණ ඇති අතර, ඇමරිකානු ජාතිකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, තමන් 2020 වසරේ සිට වීසා අයදුම්කර තම සහකාරිය සමඟ ජීවත්වීම සඳහා නවසීලන්තයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි බවයි.