ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කුලියාපිටිය, කනදුල්ල ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ සවස 6.30ට පමණ සිදුවූ එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඔහු කුලියාපිටිය කනදුල්ල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් පසුව ප්රකෝපකාරී වූ අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට පහරදී ගිනි තබා තිබෙනවා. ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු මේ වන විට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවේ පසුවනවා.
එලෙස අත්අඩංගුවේ පසුවන පිරිස අතර 14 හැවිරිදි දරුවෙකුද සිටින බවයි පොලිසිය පැවසුවේ.