පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළෙඳසැල් වෙත ලබාදීමට තීරණය කර තිබේ.
වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ සුපිරි වෙළෙඳසැල් ජාලයේ නියෝජිතයින් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව තීරණය කර තිබේ.
එළෙඹෙන සතියේ සිට අදාළ සහල් තොග සුපිරි වෙළෙඳසැල් හරහා ද පරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පැවසුවේ.
එහිදි එක් පාරිභෝගිකයෙකු සඳහා එම සහල්වලින් උපරිම ලෙස මිල දී ගත හැක්කේ කිලෝ ග්‍රෑම් 5ක් පමණයි.
එම සහල් වර්ග අලෙවි කරනු ලබන සිල්ලර මිල ගණන් පහතින් දැක්වේ.
නාඩු සහල් කිලෝවක් – රුපියල් 145.00
සම්බා සහල් කිලෝවක් – රුපියල් 175.00