අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක් වූයේ කම්කරු ප්රජාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැයිදින පණිවුඩය මගින් සඳහන් කරයි.
පැන නැගුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම යි
– ජනපතිගේ මැයිදින පණිවුඩය
එසේ ම වඩාත් උචිත, කාර්යක්ෂම, වැඩපිළිවෙළකට ගොස් ජනතාවගේ දැවෙන ප්රශ්නවලට පිළිතුරු සැපයීම බවත් ජනාධිපතිවරයා සිය මැයිදින පණිවුඩය මගින් සඳහන් කරයි.
රාජ්ය නායකයා වශයෙන් ජනතාවගේ පාර්ශ්වයේ සිට මා සියලු ම දේශපාලන පක්ෂවල නායකයන්ට එක් ව කටයුතු කිරීමට ආරාධනා කළේ මෙරටේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමේ වගකීම දරමිනි. සෑම තත්පරය ම ජනතාවගේ පීඩාව අවම කිරීම සඳහා විසඳුම් දිය හැකි ක්රමවේදයන්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කයයි.
මෙවර කම්කරු දිනයේදී සියලු දෙනා එක් ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරන බව ද ජනාධිපතිවරයා පවසයි.
“වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා
අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක් වන ලෙස ත් කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.” ලෙසද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.