සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීම සියලු පක්ෂවල නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකොළහේ මන්ත්‍රීවරුන් පිරිස අතර සාකච්ඡාව අද (29) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.
මේ අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ කියා සිටියේ.
සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට එහිදී තීරණය කළ බව ඔහු කියා සිටියා.