සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව පැවැත්වෙන්නේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11ක නායකයින් සමඟ පමණක් බවයි.
ආණ්ඩුවට සම්බන්ධ සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා මිට පෙර ලිපියක් මගින් දැනුම් දී තිබුණා..
එහිදී අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා යම් එකඟතාවන්ට එළඹීම පිළිබඳව සහ ඒ සඳහා යෝජනා විමසීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවටද කරුණු වාර්තා වී තිබෙනවා.