වර්ජනයට සහය දෙමින් ආයෝජන ප්‍රවර්ධන කලාප වල විරෝධතා

April 28, 2022 at 10:56 AM

අද පැවැත්වෙන දීපව්‍යාප්ත වර්ජනයට සමගාමීව දිවයිනේ අපනයන සැකසුම් කලාප වල සේවකයින් විරෝධතා ව්‍යාපාරවලට ද එක්ව සිටිති.

මේ වන විට වාර්තා වන්නේ බැංකු , රාජ්‍ය ආයතන , දුම් රිය සහ බස් සේවා මෙන්ම වතු ආශ්‍රිතවද සේවා බිඳවැටීම් වාර්තා වන බවයි.

ගුරු සංගම් රැසක්ම වර්ජනයට සහය පලකර ඇති බැවින් පාසල් ද අද ක්‍රියාත්මක වන්නේ නැහැ.

මේ කොග්ගල අපනයන සැකසුම් කලාප සේවකයින් අද විරෝධතා වලට එක් ව සිටි අයුරුයි.