ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩසටහනක්

April 27, 2022 at 10:10 PM

 

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (27) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සදහා ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ස්වානිම් වාග්ලේ මහතා සම්පත් දායකත්වය සැපයීය.

ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයෙකු ලෙස රටවල් 36 සමග වර්තමානයේ කටයුතු කරන ඒ මහතා ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙසද කටයුතු කොට තිබේ.

 

කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.