විදුලි බිල 100%කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙන බව සඳහන් වනවා. විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙසේ මිල වැඩි කිරීමකට අවසරය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.
කෙසේ වෙතත් මේ පිලිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන තිබෙනවා.
මේ අතර විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කර ඇති අතර ප්‍රථම වතාව මෙය නොවන බවත්, 2015 සිට මෙම ඉල්ලීම් කිහිප වතාවක්ම ඉදිරිපත් කර ඇත. එය ක්‍රියාත්මක කිරීමට, සංශෝධනය කිරීමට හෝ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලයට බලය ඇත. එම ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත්තේ.