මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙසත් බදු ඉහළ නංවන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කළ යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්යක්ෂ ඈන් මරී ප්‍රකාශ කර ඇත්තේ.
තීරණාත්මක වියදම් අවශ්‍යතා සපුරාලීම සඳහා බදු ආදායම වැඩි කරගත යුතු බව ද උද්ධමනය පාලනය කර ගැනීමට මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බව ද ඇය පෙන්වා දී ඇත.
පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකා නියෝජිතයින් සමග ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බව ද ඈන් මරී සඳහන් කළ බව විදෙස් වාර්තා පැවසුවේ.