ඊයේ ශුරතාවය දිනු ක්‍රීඩකාව අද දිවි හානිකර ගනියි

April 24, 2022 at 4:53 PM

ශ්‍රී ලංකා කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ සූර කෞෂල්‍යා මධුෂානි අභාවප්‍රාප්ත වී තිබෙනවා. 26 හැවිරිදි ඇය දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදී සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළකරන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී හොඳම කඩුලු පැනීම සඳහා වන ග්ලූකොලින් අභියෝගතා කුසලාන ශුරතාවය කෞෂල්‍යා ඊයේ දිනා ගනු ලැබුවා.

ඇය ශූරතාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 58.37කින් ජය ගනු ලැබුවා.

26 හැවිරිදි ඔහු 2019 කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 4×400 සහය දිවීමේ ශ්‍රී ලංකා රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වූ අතර මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගැනීමට සමත්වූවා.