අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක් අරඹා තිබෙනවා.
සරසවි කිහිපයක සිසු සිසුවියන් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පාගමනක් ආරම්භ කෙරුණා, ඒ ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවය සමග එක්වීමේ අරමුණින්.
කෙසේ වුවත් පොලිසිය විසින් කොළඹ, කොටුවේ මාර්ග අවහිර කරමින් ස්ථිර මාර්ග බාධක ඉදිකර තිබු අතර ඉන් පසුව විරෝධතාකරුවන් මෙලෙස විජේරාම පෙදෙසේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.