පසුගිය 19 වැනිදා රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර වෙඩි වැදීමෙන් මියගිය චමින්ද ලක්ෂාන් ගේ දේහය ඊයේ රාත්‍රියේ ඔහුගේ නාරම්බැද්ද ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන එන ලදී
.
ඔහුගේ දේහය පිලිබඳව අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතය . එම කටයුතු අවසන් වනතුරු කෑගල්ල දිස්තික්කය ඇතුළුව රඹුක්කන ප්‍රදේශයේ පොලිස් බලප්‍රදේශ කීපයකටම ත්‍රි විධ හමුදාව ආරක්ෂාව සඳහා යොදවා තිබේ.
මෙම මරණය සහ රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන අධිකරණ ක්‍රියාමාර්ග ද අද තවදුරටත් සිදුකිරීමට නියමිත ව ඇත.