යුක්තිය ඉටුවන තුරු රජය පසුබසින්නේ නෑ. අගමැති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කරයි

April 21, 2022 at 2:50 PM

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට රජය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර තුනක් ගත වීම නිමිති කරගෙන ට්විටර් පණිවුඩයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග ද එහි සඳහන් කර තිබේ.