ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් රඹුක්කන නගරයේ ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.
විරෝධතාකරුවන් ටයර් පිලිස්සීම හේතුවෙන් රඹුක්කන සිට කෑගල්ල, මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලට ගමන් ගන්නා මාර්ග අවහිර කර ඇත.
මිට අමතරව අවිස්සාවේල්ල-කොළඹ මාර්ගය කර්මාන්ත පුරය මංසන්ධියෙන් ද, කොළඹ – පුත්තලම මාර්ගය මාදම්පේ කාක පල්ලිය අසලින් ද, ගාල්ල නගර මධ්‍යයේ ද මේ වන විට මාර්ග අවහිර කරමින් විරෝධතාවයන් පැවැත්වේ.