මුදල් ඇමති IMF ප්‍රධානී හමුවෙයි. ‘මූඩීස් ‘ ශ්‍රේණිගත කිරීම්වල ලංකාව තවත් පහළට.

April 19, 2022 at 7:35 AM

මූඩීස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රීලංකාව තවදුරටත් පහත හෙළීමට තීරණය කර තිබේ.

ඒ අනුව Caa2 මට්ටමේ සිට Ca දක්වා එම තත්ත්වය පහත හෙළීමට 18 වැනිදා තීරණය කර ඇත්තේ ශ්‍රීලංකාව සිය විදේශ ණයවාරික ගෙවීම තාවකාලිකව කල් දැමීමේ තීරණය ද සැලකිල්ලට ගනිමිනි.

Ca මට්ටම යනු කඩා වැටීමට ලක් වූ හෝ ඊට ඉතා ආසන්න තත්ත්වයක් ලෙස සැලකෙන අතර එය ප්‍රතිසංස්කරණය කල හැකි මට්ටමක් ලෙසද අර්ථ දක්වා තිබේ .

මේ අතර මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝර්ජිවා මහත්මිය හමුවී ඇත.

ඒ වොශිංටනයේ පිහිටි IMF මූලස්ථානයේ දී යි.

එහිදී ණය කල් දැමීම , දිගුකාලීන විසඳුම් සහ ආර්ථික  සැලසුම් පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.